සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේ වැඩිවීමක් (වීඩියෝ)

පෙබ 10, 2019

    දිවයින හරහා සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    දිවයින පුරා විටින් විට පැයට කිලෝ මීටර් 50ත්,60ත්, දක්වා තද දුළං ඇති විය හැකි බව, එම දෙපාර්තමේන්තුව කියා සිටී. මන්නාරමේ සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සහ මඩකලපුව සිට පොතුවිල් සහ හම්බන්තොට හරහා මාතර දක්වා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70ක් පමණ දක්වා වැඩිවිය හැකියි.

    එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළුවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 පමණ දක්වා වැඩිවිය හැකියි. ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, රත්ගඟ හරහා දමා ඇති අතුරලිය සපත්තු පාලම වතුරට ගසාගෙන ගොස් ඇති බව, අප වාර්තාකරු පවසයි. මේ හේතුවෙන් ගම්මාන 5ක ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තාවේ. පාලම කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගෙන ඇති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතා පවසයි.

     

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 12:56

    Latest News