“ගම්පෙරළිය“ දුෂ්කර ගම්මානවලට ජලය (වීඩියෝ)

පෙබ 10, 2019

    ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගොවි පවුල් 2000කට පමණ සෙත සැලසෙන නව ජල ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණ.

    එය ක්‍රියාත්මක කෙරුණේ “ගම්පෙරළිය“ වැඩසටහන යටතේ. නව ජල ව්‍යාපෘතිය ඉඳකරනු ලැබුවේ, ඇඹිලිපිටිය, නින්දගම්පැලැස්ස, කැකිරියාය සහ වැලිකඩයාය යන ගම්මාන සඳහායි.

    පානීය ජලය ලබාගැනීමට ජනතාවට දෛනිකව සැතපුම් කිහිපයක් දුර ගමන් කිරීමට සිදුවේ. ඔවුන්ට ජල පහසුකම් හිමිවූයේ වසර 70කට පසුවයි. ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල රුපියල් විසි ලක්‍ෂයක්.

    “ගම්පෙරළිය“ වැඩසටහන යටතේ රත්නපුර ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවලට ජලය ලබාදීමට රුපියල් කෝටියක මුදලක් වෙන්කර තිබේ.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 12:03

    Latest News