ඉන්දියා-ශ්‍රී ලංකා ගැටලු නිරාකරණයට ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි; විපක්‍ෂ නායක (වීඩියෝ)

පෙබ 09, 2019

    ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මතුවන ගැටලු සහගත තත්වයන් නිරාකරණය සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව සඳහන් කළේ, ඉන්දියාවේ බෙංගලූර් නුවර පැවති විශේෂ දේශනයකදී.ඉන්දියාවේ ප්‍රධානතම පුවත්පත ලෙස සැලකෙන හින්දු ප්‍රවෘත්ති පත්‍ර ආයතනය සංවිධාන කළ දෙදින සමුළුව බෙංගලූර් නුවරදී දැන් පැවැත්වේ.

    විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට එක්ව සිටී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද ඔහු සමඟ සමුළුවට සහභාගි වේ. ප්‍රථම දිනයේ දේශනයට සහභාගි වූ මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, නිවැරදි සන්නිවේදන යාන්ත්‍රණයක් නොමැතිකම නිසා වරින්වර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අර්බුදකාරී තත්වයන් ඉස්මතු වන බවයි.

    1980 දශකයේ මෙන්ම, 2014 වසරේ ද එවැනි තත්වයන් හටගත් බව, විපක්‍ෂ නායකවරයා ප්‍රකාශ කළේය. ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් එකම පවුලක සාමාජිකයන් සේ බැඳී සිටින බව මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය අවසන් කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව ද අවබෝධ කරගෙන සිටි බවත්, විපක්‍ෂ නායකවරයා සඳහන් කළේය.

    Last modified on සෙනසුරාදා, 09 පෙබරවාරි 2019 20:39

    Latest News