නැගෙනහිරට - වැසි වැඩිවෙන ලකුණු

ඔක් 26, 2018

    ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

    නුවරඑළිය, මාතලේ, රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් වලංගු බවයි, එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

    නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේ දී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    මධ්‍යම, සබරගමුව,ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Latest News