‘‘ෂීනා’’ නමැති සිංහ ධේනුවට ද කොවිඩ්

ජූනි 24, 2021

    දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ” තෝර් ” නැමැති සිංහයාගේ ‘‘ෂීනා’’ නමැති ධේනුවටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

    පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය සහ රාගම වෛද්‍ය පීඨය කළ පරීක්ෂණවලදී මේ බව තහවුරු වී තිබේ.

    එම සිංහ ධේනුවද හුදෙකලා කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇති බව, වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළේය.

    Latest News