ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ අංශය 30 දක්වා වැසේ

ජූනි 14, 2021

    දකුණු පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව,දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට දකුණු පලාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ. 

    රටේ පවතින කොරෝනා වෛරස තත්වය හේතුවෙන් ආරක්ෂාකාරී පියවරක් පසුගිය 2021.05.17 වැනි දින සිට 2021.06.17 දින දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබිණ. ඒ අනූව එම කාලසීමාව තවදුරටත් දීරඝ කර තිබේ.

    එසේම එදිනට පසු ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ දී වසා තැබෙන කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර සඳහා 2021.07.31 දින තෙක් දඩ මුදල් අය නොකිරීමටත්, අන්තර්ජාලය මගින් අයඳුම් කරනු ලබන ආදායම් බලපත්‍ර සඳහා ලබාගනු ලබන තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය 2021.07.31 දින දක්වා දින 60ක් දීර්ඝ කිරීමටත් කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් දැනුම් දෙයි.

    Latest News