අධිවේගයේ බලපෑමට ලක්වන පවුල් සඳහා නිවාස

ජූනි 08, 2021

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මංතීරු 4කින් සමන්විතව කණු මතින් දිවෙන අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී බලපෑමට ලක්වන පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    යෝජනාව ඉදිරිපත් කළේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතායි. ව්‍යාපෘතිය සඳහා අත් කරගෙන ඇති ඉඩම්වල අනවසර පදිංචි පවුල් සහ අනු පවුල් පර්චස් 6ට අඩු ඉඩම්වල පදිංචි පවුල් මෙන්ම දෙමටගොඩ ක්‍රීඩාංගණය ඉදිකිරීමට නියමිත ඉඩමෙහි පදිංචි පවුල් ඇතුළු 1,100ක් සඳහා නිවාස පහසුකම් සලසා දීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

    ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කෙරෙන කොළොන්නාව, හේනමුල්ල සහ මාලිගාවත්ත යන නිවාස ව්‍යාපෘති එම පවුල් සඳහා අවශ්‍ය නිවාස ලබාදීමට පියවර ගැනේ.

    Latest News