හෙට (08) සිට තවත් දිස්ත්‍රික්ක 12ක එන්නත්කරණය ඇරඹේ

ජූනි 07, 2021

    හෙට සිට තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    එමෙන්ම, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ද හෙට (08) ආරම්භ කිරීමට නියමිතයි. හෙට සිට අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරේ.

    මාතලේ, පුත්තලම, කෑගල්ල, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ආරම්භ කෙරේ. මාතලේ, පුත්තලම, කෑගල්ල, මඩකලපුව, අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ද සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට සිට ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 07 ජූනි 2021 19:00

    Latest News