වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම්; අගමැති

ජූනි 07, 2021

    වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, මේ හැමදේකදිම ජනතාව සමඟ ඒ අභියෝගය භාරගන්න රජයක් විධියට අපි සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) දින අරලියගහ මන්දිරයේ දී පැවසීය.

    සංචරණ සීමා පැනවීමේ දී ජනතාවට විවිධ දුෂ්කරතා ඇතිවන බව දන්නා නමුත් සෑම ජීවිතයකම වටිනාකම තේරුම් ගනිමින් රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්නැයි අගමැතිතුමා මෙහි දී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර් 16.4ක අධිවේගී මාර්ගයේ හා ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අගමැතිතුමා මේ බව සඳහන් කළේය.

    අරලියගහ මන්දිරයේ සිට අදාළ ව්‍යාපෘතිවල ආරම්භය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුවිය. මේ අවස්ථාවට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක්වූහ.

    Latest News