කිරි,බිත්තර සහ මස් අලෙවියට ජංගම වෙළෙඳුන්ට අවසර

ජූනි 06, 2021

    කිරි, බිත්තර සහ මස් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ජංගම වෙළෙඳුන්ට අවසර ලබාදීම කඩිනම් කර තිබේ.

    ඒ, පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. මෙම නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන්ට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් හෝ දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් මෙන්ම පශු වෛද්‍ය කාර්යාලයෙන් ද සෘජුව අවසර ලබාගෙත හැක.

    එමෙන්ම කිරි, බිත්තර සහ මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අවශ්‍ය සත්ව ආහාර සහ බෙහෙත් ප්‍රවාහනයට ද අවශ්‍ය අවසරය ඉහත ආයතනවලින් ලබාගත හැක. මේ වනවිට ජංගම රථ මගින් එළවළු සහ පළතුරු අලෙවි කරන ව්‍යාපාරිකයන්ට එම රථ මගින්ම බිත්තර සහ මස් ද අලෙවි කිරීමට හැකි බව, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසයි.

    මෙම අවසර ගැනීම සම්බන්ධව ගැටලු ඇත්නම් 0772 672 015, 0718 101 904, 0718 589 004 යන දුරකතන අංකයට දැනුම් දිය හැක.

    Last modified on ඉරිදා, 06 ජූනි 2021 12:14

    Latest News