අයහපත් කාලගුණයෙන් 4ක් මරුට

ජූනි 05, 2021

    අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලින් සිව් දෙනෙකු මියගොස් තිබේ.

    07ක් අතුරුදන් බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. දේපළ හානි රැසක් ද වාර්තාවේ. මාවනැල්ල, දෙවනගල විහාරස්ථානය ආසන්නයේ අද උදේ සිදු වූ නායයාමක් හේතුවෙන්, අතුරුදන් වූ එකම පවුලේ 04ක් අතරින් 23 හැවිරිදි තරුණියකගේ සිරුර සොයාගෙන තිබේ.

    අගේ පියා, මව සහ 29 හැවිරිදි සොහොයුරා තවදුරටත් අතුරුදන්ව සිටින බව යුද හමුදාව පවසයි. 611 බල සේනාවට අයත් 08 වැනි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, ප්‍රදේශවාසීන් සමඟ එක්ව අතුරුදන්වූවන් සෙවීමේ නිරිතව සිටී.

    Latest News