දිස්ත්‍රික්ක 09ක එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි

ජූනි 05, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක 09ක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    ඊයේ 39,444කට එන්නත ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 501 කට ලබාදී ඇති අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 38,943ක්.

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා එන්නත් මාත්‍රා විසි දෙලක්‍ෂ 72,260ක් ලබාදී තිබේ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 25,240 කට ලබා දී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    එහි දෙවන මාත්‍රාව ලබාගත් පිරිස තුන් ලක්‍ෂ 51,459ක්. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව නව ලක්‍ෂ 30,573කට ලබා දී ඇති අතර, ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පිරිස 64,986ක්.

    Latest News