නායට හසුවූ නිවසේ සිටි තිදෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව අප වාර්තාකරු පවසයි. මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ සිරුර යුද හමුදාව හා ප්රදේශවාසීන් එක්ව සොයා ගනු ලැබීය. වරකාපොළ ප්රාදේශීය ලේකම්වරයා නිවැසියන්ට නායයාමේ අවදානම ගැන දැනුවත් කර ඇතත්, ඔවුන් නිවසින් ඉවත් වී නොමැති බව වාර්තාවේ.