'ස්පුට්නික් වී' එන්නත් තොගය මහනුවරට

මැයි 28, 2021

    මෙරටට ඊයේ (27) රාත්‍රියේ රැගෙන ආ "ස්පුට්නික් V" එන්නත් මාත්‍රා මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.

    ඊයේ රැගෙන ආවේ ස්පුට්නික් වී එන්නතේ දෙවැනි තොගයයි. එය එන්නත් මාත්‍රා 50,000කින් යුක්තයි. රාත්‍රී 10.50ට ඩුබායි සිට පැමිණි ඊ කේ 2528 දරන භාණ්ඩ ප්‍රවාහන යානයෙන් මෙම එන්නත් තොගය මෙරටට ගෙන එනු ලැබීය. ස්පුට්නික් වී එන්නත් 15,000ක් මුල්වරට මෙරටට ගෙන්වනු ලැබුවේ පසුගිය 4 වැනි දිනයි.

    කෙසේ වෙතත් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීමේ වැඩසටහන බස්නාහිර පළාතෙන් පිටත දිස්ත්‍රික්ක 3ක පසුගිය 26 හා 27 වැනි දිනවල ආරම්භ කෙරිණ. ඒ අනූව ගාල්ල,මාතර හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශවල එන්නත්කරණය සිදු කෙරේ.

    ගාල්ල දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ඊයේ ආරම්භ කෙරුණු අතර එය සාර්ථකව ක්‍රියාත්මකයි. කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිපිටිමෝදර ග්‍රාම නිලධාරී වසමේ 2200 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව අද ලබා දීමට නියමිතයි.

    Latest News