ත්‍රිරෝද රථ 13ක් සොරාගත් පස් දෙනෙක් අත්අඩංගුවට

මැයි 28, 2021

    රත්නපුර ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථ 13 සොරා ගෙන ඒවායේ අංක සහ වර්ණ වෙනස් කොට වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    රත්නපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රැසක් සොරා ගැනීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ පැමිණිලි ලැබි ඇති අතර මේ අනුව පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් පස්දෙනා අතර තිදෙනකු මත්ද්‍රව්‍ය ලොලීන් බවත් ඔවුන් විසින් සොරාගන්නා ලද මෙම ත්‍රීරෝද රථ සෙසු සැකකරුවන් දෙදෙනාට ලබාදෙන බවත් ඔවුන් එම රථ වල අංක සහ පාට වෙනස් කොට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

    Latest News