අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව ජංගම දුරකතන යෙදවුමක්....

මැයි 22, 2021

    විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධ සියළුම සේවාවන් නිවසේ සිට ජංගම දුරකතනය මාර්ගයෙන් සිදුකර ගැනීමට පහසුව සැලසෙන නව ජංගම දුරකතන යෙදවුමක් අධ්‍යාපන අමාත්‍යාංශය හඳුන්වා දී තිබේ.

    රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය අනුව මෙම යෙදවුම සිංහල, දෙමළ හා ඉංග්‍රිසී යන භාෂා ත්‍රිත්වයෙන්ම, හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මාර්ගගත ක්‍රමයට සහතික පත්‍ර අයදුම් කිරීම, ප්‍රතිඵල තහවුරු කිරීම, විභාග අංකය සෙවීම, ආසන්න වර්ෂයේ පාසල් විභාග ප්‍රතිඵල නිරීක්‍ෂණය කිරීම, ආයතනික විභාග ප්‍රතිඵල නිරීක්‍ෂණ හා බාගත කර ගැනීම, මාර්ගගතව පාසල් විභාග හා ආයතනික විභාග සඳහා අයදුම් කිරීම ඇතුළු තවත් සේවා රැසක් මීට ඇතුළත්.

    අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මෙම ජංගම දුරකතන යෙදවුම හඳුන්වා දීම සිදු කෙරිණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඊට එක්ව සිටියහ.

    Latest News