ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කෙරේ

මැයි 19, 2021

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ දේශපාලඥයෙකු වන රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්,අමාත්‍යවරයෙක් හා ආණ්ඩුකාරවරයෙක් ලෙස ක්‍රියාකර ඇති ඒ මහතා ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වෙයි.

    පත්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත අද පෙරවරුවේ බාර දෙනු ලැබීය. මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    අනතුරුව, රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණියේය. සංස්ථා ආලින්දයේ දී ඒ මහතා පිළිගනු ලැබුවේ, අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින්.


    අනතුරුව, රෙජිනෝල්ඩ් කුරේ මහතා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

    Last modified on බදාදා, 19 මැයි 2021 13:47

    Latest News