රජයේ නිලධාරින්ගේ මැයි මස වැටුප ලබන 21....

මැයි 18, 2021

    රජයේ නිලධාරින්ගේ මැයි මස වැටුප ලබන 21 වැනි දින ගෙවීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාගේ අත්සනින් යුත් නිවේදනයේ සඳහන් වේ.

    ලබන 24 සහ 25 දෙදින රජයේ කාර්යල සඳහා විශේෂ නිවාඩු දින දෙකක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. රට තුළ පවතින කොවිඩ්-19 වෛරසය ශීඝ්‍ර යෙන් ව්‍යාප්තවීම අවම කිරීම සඳහා රජය විසින් ගෙන යන සංචරණය අවම කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා එම තීරණය ගෙන ඇත.

    මෙමගින් රජයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමට බාධාවක් නොවිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.

    Latest News