“ස්පුට්නික් වී“ එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 85,000ක් ලබන අඟහරුවාදා මෙරටට...

මැයි 18, 2021

    රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් වී“ එන්නත් මාත්‍රා එක් ලක්‍ෂ 85,000ක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 25,380 කට ලබාදී තිබේ. ඒ අනුව, එහි දෙවැනි මාත්‍රාව ලබාගත් මුල් පිරිසට දෙලක්‍ෂ 92,457ක් ඇතුළත්.

    සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාගෙන ඇති සංඛ්‍යාව 49,507ක්. එය ලබාගත් සමස්ත පිරිසට හාර ලක්‍ෂ 24,823ක් ඇතුළත්.

    Latest News