"දින දහයෙන් ඇඳන් දස දහසක්" ව්‍යාපෘතිය ඉලක්කය සපුරයි

මැයි 17, 2021

    කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා "දින දහයෙන් ඇඳන් දස දහසක්" ව්‍යාපෘතිය ඉලක්කය ඊයේ සම්පූර්ණ කෙරිණ.


    ඊට මුලිකත්වය ගෙන ක්‍රියා කළේ, අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතායි. ඇඳන් ඉලක්කය සම්පූර්ණ කළ ද මෙම සද්කාරය අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි අමාත්‍යවරයා රට පුරා සිටින මනුසත්කම පෙරදැරි කරගත් තරුණ-තරුණියන්ගෙන් ඉල්ලා සිටී.

    ව්‍යාපෘතියේ ඉලක්කය සපුරා ලීමට ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංය පෙරමුණ ගත්තේය. ඊට රාජ්‍ය ආයතන හා විවිධ ස්වේච්ජා සංවිධාන ද පුලුල් දායකත්වයක් ලබා දුන්නේය. "දින දහයෙන් ඇඳන් දස දහසක්" ව්‍යාපෘතිය ආරම්භ වූයේ පසුගිය 07 වැනිදායි.

    අපේක්‍ෂිත ඉලක්කය අභිබවා තවත් ඇඳන් 6000ක් සැකසීමට හැකිවීම විශේෂත්වයක්. ඇඳන් සකස් කිරීම කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාරයක් දැයි ඇතැමෙක් ප්‍රශ්න කළ අතර, තරුණ-තරුණියන් මෙම සද්කාරයට ස්වේච්ජාවෙන් එක්වුයේ පක්‍ෂ-පාට භේද නොමැතිවයි.

    එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ඔස්සේ බොහෝ රෝහල්වල අලුත්වැඩියා සඳහා ද තරුණ තරුණියන් යොමුවූහ. පහසුකම් සහිත අතිරේක වාට්ටු සංකීර්ණ 13ක් රෝහල් එක් කෙරිණ.

    Latest News