ගංවතුරෙන් ආපදාවට පත්වූවන්ට නාවික හමුදා සහය....

මැයි 16, 2021

    පසුගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාවත් සමග ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක තුළ ඇති වු ගංවතුර තත්ත්වය හමුවේ ආපදාවට පත් පිරිස් මුදා ගැනීම සහ සහන සැලසීම සදහා නාවික හමුදා සහන කණ්ඩායම් 15ක් බටහිර සහ දකුණු නාවික විධාන මගින් යෙදවීමට නාවික හමුදාව කටයුතු කළ අතර එම කණ්ඩායම් අද (16) ආපදාවට පත් පිරිස් වෙත සහන සැලසීමේ කටයුතු වල නිරතව සිටී.

    ගංවතුර අවධානම පවත්නා ප්‍රදේශවල පීඩාවටපත් ජනතාව ඉන් මුදා ගැනීමට මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා සහයෝගය ලබාදීමට නාවික හමුදා සහන කණ්ඩායම් අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

    Latest News