කොවිඩ්-19 මැඩලීමට ජයිකා ආයතනයෙන් සහයෝගය

මැයි 15, 2021

    ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මැඩලීමේ ක්‍රියාවලියට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

    මෙම ආධාරවල වටිනාකම රුපියල් මිලියන 350ක්. “ජයිකා“ ආයතනයේ ආධාර යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන ශ්වසනාධාර උපකරණ, දැඩි සත්කාර ඒකක ඇඳන් සහ අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

    මෙම උපකරණ තෝරාගත් රෝහල් 4කට ප්‍රධාන වශයෙන් ලබාදෙනු ඇත. වරකාපොළ, තෙල්දෙණිය, වැලිකන්ද සහ පිඹුර මූලික රෝහල්වලට මෙම භාණ්ඩ ලබාදෙනු ඇත. ඊට අමතරව හම්බන්තොට මහ රෝහලට PCR පරීක්‍ෂණාගාරයක් ද, මෙම ආධාර යටතේ හිමිවනු ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ සහ ජයිකා ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමාඩා ටෙට්සුයා යන මහත්වරුන් මීට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීමට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 19:46

    Latest News