එන්නත්කරණ වැඩසටහන අද ගනේලන්ද රජමහා විහාරයේදී.....

මැයි 15, 2021

    කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවා විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂම සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා යුද හමුදාවේ මුලිකත්වයෙන් අද (15) දිනයේද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කල ඉල්ලීමකට අනූව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් මේ සදහා තම දායකත්වය ලබා දේ.

    අද දින (15) එන්නත්කරණ වැඩසටහන පැවැත්වුණේ තලවතුගොඩ ගනේලන්ද රජමහා විහාරයේදී.

    Latest News