එන්නත්; අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මකයි.....

මැයි 10, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිඩ්ෂීල් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාම් හා ස්පුට්නික්-වී යන එන්නත් ලබාදීම අදත් දිවයිනේ ස්ථාන කිහිපයකදී ක්‍රියාත්මකයි.

    චීනයේ නිෂ්පාදිත එන්නත ලබාදීම අද කොළඹ මහ නගර සභා සීමාව තුළ ක්‍රියාත්මක කෙරිණ. එන්නත්කරණය සිදු කෙරෛන්නේ, බොරැල්ල කම්බල් පිටිය ආශ්‍රිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී.

    එන්නත ලබාගැනීමට ජනතාව විශාල වශයෙන් පැමිණෙමින් සිටින අතර, අද දිනයේ 600 කට වැඩි පිරිසකට එන්නත ලබාදීමට නියමිතයි.

    Latest News