අවම සේවක සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට; චක්‍රලේඛය හෙට (10); ලේකම්

මැයි 09, 2021

    අවම සේවක සංඛ්‍යාවකින් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට අද (09) තීරණය කෙරිණ.

    ඒ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්‍ෂ මහතා, අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සෞඛ්‍ය හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අද පැවති සාකච්ජාවකින් අනතුරුවයි.

    එමෙන්ම ගැබිණි මව්වරුන් රැකියා සඳහා නොකැඳවන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. ඊට අදාළ චක්‍රලේඛය හෙට නිකුත් කරන බව, ඔහු පවසයි.

    Latest News