ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

මැයි 09, 2021

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකියි.

    දකුණු සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් වැසි ඇති විය හැකි බවය.

    සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

    Last modified on ඉරිදා, 09 මැයි 2021 17:10

    Latest News