CTB පලාතොට රියදුරු විද්‍යාලය කොවිඩ් මධ්‍යස්ථානයක් කිරීමට අවධානය...

මැයි 07, 2021

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් කොවිඩ්-19 රෝගයට ගොදුරු වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කළුතර, පලාතොට පිහිටි රියදුරු අභ්‍යාස විද්‍යාලය යොදා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

    රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ එම ස්ථානය නිරීක්‍ෂණය කළේය. සෞඛ්‍ය අංශවල නිර්දේශ මත එම පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිලි දෙකක් නවීකරණයෙන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොදා ගැනීමට එහිදී තීරණය කෙරිණ.

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 20:20

    Latest News