විරුවන්ගේ දේහයන් නිවෙස්වලට

පෙබ 05, 2019

    මාලි රාජ්‍යයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජිවිතක්‍ෂයට පත්වූ යුද හමුදා නිලධාරියාගේ සහ සැරයන්වරයාගේ දේහ ඔවුන්ගේ නිවෙස් වෙත අද පෙරවරුවේ රැගෙන යන ලදි.

    දේහ ශ්‍රී ලංකාව වෙත ගුවන් මගින් රැගෙන ආවේ ඊයේ පස්වරුවේදී. 11 වැනි යුද හමුදා පාබල රෙජිමේන්තුවේ මේජර් දිනේෂ් ජයවික්‍රම මහතාගේ දේහය අද උදේ රැගෙන ආවේ පොළොන්නරුව, පුලස්තිගම අභයපුර ප්‍රදේශයේ ඔහුගේ නිවස වෙතයි. පොළොන්නරුවේ සිට රථ පෙරහැරකින් දේහය රැගෙන ගිය අතර, මඟ දෙපස ද ජනතාව රැඳී සිටිමින් අවසන් ගෞරව පුද කළේය.

    sanan

    සැරයන් සමන් විජේකුමාර මහතාගේ දේහය ඔහු පදිංචි පොල්පිතිගම, රාවාඇළ ප්‍රදේශයේ නිවස වෙත අද පෙරවරුවේ රැගෙන ගොස් තිබේ. දෙදරු පියෙක් වන ඔහු යුද හමුදා පළමු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සේවය කළේය.

    Latest News