මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අගමැතිතුමා, විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යාංශ නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
නවීන වෙළඳ සංකිර්ණයක්, සියලු පහසුකම් සහිත තොග වෙළෙඳපොළ සහ සති පොළ, රථවාහන අංගනයක්, නගර උද්‍යාන, නව බස් නැවතුම්පොළ, බහුකාර්ය ගොඩනැගිල්ලක් මෙන්ම මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණයකින් සමන්විතව බෙලිඅත්ත නගරය සංවර්ධනය කෙරෙන ආකාරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරින් විසින් මෙහි දී පැහැදිලි කරන ලදි.
ද්විත්ව මන්තීරු සහිත මාර්ග පද්ධතිය, පිටත සහ ඇතුළත වටරවුම් මාර්ගය මෙන්ම මන්තීරු හතරකින් යුතුව මාර්ග පද්ධතිය ඉදිකිරීම පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.
මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳ, කර්මාන්ත, නේවාසික පහසුකම්, සංචාරක, සෞඛ්‍ය පහසුකම් මෙන්ම කෘෂි ප්‍රවර්ධන කලාප ඇතිකිරීම සහ මත්තල-ලුණුගම්වෙහෙර ආශ්රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහි දී අගමැතිතුමා අවධානය යොමු කළේය.
කුරුණෑගල නගරය නවීන නගරයක් ලෙස නිර්මාණය කිරීමත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහිදී අගමැතිතුමාවිමසා සිටියේය. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති රැසක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇත.
මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහත්ම මහත්මීන් සහ අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ආනන්ද සමරසිංහ මහත්වරු සහභාගි වූහ.