දිස්ත්‍රික්ක පහක ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ

මැයි 03, 2021

    තවත් ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයට අයත් රත්මැටිය යන ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබේ.

    එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ පිංවත්ත,නාරම්පිටිය,පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ, උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම ද මේ මොහෙතේ සිට හුදකලා කර තිබේ.

    එමෙන්ම වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ප්‍රදේශය යන ග්‍රාම නිලධාරි වසම ද හුදකලා කර තිබේ. 

    ඊට අමතරව මඩකලපුව, මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය යන ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

    Last modified on සදුදා, 03 මැයි 2021 10:58

    Latest News