ආණ්ඩුව කොවිඩ්-19 රෝගය මර්දනයට ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව; අමාත්‍ය ප්‍රසන්න රණතුංග

මැයි 02, 2021

    ආණ්ඩුව කොවිඩ්-19 රෝගය මර්දනයට ක්‍රියා කරන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් අනුව මිස විපක්‍ෂයට අවශ්‍ය ආකාරයෙන් නොවන බව, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ, විපක්‍ෂය, කොරෝනා ගෝලීය වසංගත තත්වයක් බව දැන දැනත් රෝගය මර්දනය කිරීමට රජයට සහය වනවා වෙනුවට, වගකීම් විරහිතව කටයුතු කරමින් සිටින බවයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී. කොවිඩ්- 19 තෙවැනි රැල්ල පාලනය සඳහා ආණ්ඩුව හැකි සෑම පියවරක්ම ගෙන ඇති බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

    කොවිඩ්-19 ගෝලීය වසංගත තත්වයේ වෙනස්වීම් අනුව, ඉදිරියේ ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශ ශක්තිමත් කිරීමට රජයේ දැඩි අවධානය යොමුව තිබේ. ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන, කොවිඩ්-19 මර්දනයට සුදුසු ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට, ආරක්‍ෂක අංශ ලබාදෙන සහය අගය කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

    Latest News