පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපා. සියලු මහජන සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි

මැයි 02, 2021

    පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

    පවතින කෝවිඩ් 19 තත්ත්වය හමුවේ ජනතාව ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාර්ස් ජෙනරාල් වියානි ගුණතිලක මහතා නිවේදනය කළේය. ප්‍රධාන කාර්යාලය මෙන්ම සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු වසා තැබේ.

    කෙසේ වෙතත් කෝවිඩ් වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී නැති ප්‍රදේශවල පිහිටි කාර්යාල ඔස්සේ ජාතික හැදුනුම්පත් සදහා අයදුම්පත් භාරගැනීම තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.

    හදිසි අවශ්‍යතා මත හැදුනුම්පත් ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන් සදහා දුරකතන අංක කිහිපයක් එම දෙපාර්තමේන්තුව හදුන්වාදී ඇත.

    ඒ අනුව ප්‍රධාන කාර්යාලය දුරකතන අංක; 0115226126/0115226100 දකුණු පළාත් කාර්යාලය 0912228348 වයඹ පළාත් කාර්යාලය 0372224337 නැගෙනහිර පළාත් කාර්යාලය 0652229449/ උතුරු පළාත් කාර්යාලය 0242227201 ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය.

    Last modified on ඉරිදා, 02 මැයි 2021 20:32

    Latest News