මඩකලපුව ගොවි මහතෙකුගෙන් සාර්ථක කහ වගාවක්

මැයි 02, 2021

    මඩකලපුව වන්දාරුමූලෙයි ප්‍රදේශයේ ගොවි මහතෙක් සාර්ථක කහ වගාවක් සිදුකර තිබේ.

    තව දින 7කින් කහ අස්වනු නෙලීම ආරම්භ කරන බව ඔහු පවසයි. කහ වගා බිමෙහි හිමිකරු වන මුත්තුකුමාර් යෝගරාජා ගොවි මහතා වගාව සාර්ථකව පවත්වාගෙන යාමට රුපියල් ලක්‍ෂ 25ක් පමණ වැය කර තිබේ.

    අක්කරයක භූමි ප්‍රදේශයක කර ඇති කහ වගාව ඊයේ රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්ද්‍රන් මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය. ඔහු කියා සිටියේ, වගාව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බවයි. මෙය අනෙකුත් ගොවීන්ට ආදර්ශයක් බව ද ඔහු පෙන්වා දෙයි.

    මඩකලපුවේ කහ සහ ඉඟුරු වගා කරන අනෙකුත් ගොවීන් දිරි ගැන්වීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 02 මැයි 2021 20:21

    Latest News