කතුරු ඔංචිල්ලාව කඩා වැටී තුවාල ලැබූ දියණියත් මියයයි

පෙබ 05, 2019

    වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටා තිබෙන විනෝද උද්‍යානයක කතුරු ඔන්චිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බලපතල තුවාල ලබා සිටි දියණිය (13) මිය ගොස් තිබේ.

    අනතුර සිදුවුනේ ඊයේ (04) පස්වරු 11.00ට පමණ. අනතුරින් තුවාල ලැබූ මව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ මිය ගියාය.

    මරණයට පත්ව ඇත්තේ, දිස්නා ජානකී ගනේගොඩ නැමැති 47 වියැති සියඹලාපිටිය කොටුගොඩ පදිංචි කාන්තාවක්.

    දැරිය ගම්පහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා පසුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

    සිද්ධිය පිලිබඳ පූර්ණ පොලිස් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබේ.
    අනතුර සිදුවන අවස්ථාවේ කතුරු ඔංචිල්ලාවේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 11:04

    Latest News