දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසයි

මැයි 01, 2021

    දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

    කොරෝනා අවදානම හේතුවෙන්, ලබන 3 වැනි දින පාසල් ආරම්භ කිරීමේ හැකියාවක් නොපවතින බැවින්, තවත් සතියක කාලයක් පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    ලබන 10 පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව එළඹෙන 7 වැනි දින තීරණය කෙරෙනු ඇත.

    Latest News