ලෝක කම්කරු දිනය අද

මැයි 01, 2021

    ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. එහෙත්, ලෝකයම මුහුණ පා තිබෙන කොරෝනා ව්‍යසන තත්වය හමුවේ බොහෝ රටවල්වල මෙවර ලෝක කම්කරු දින සැමරුම් සංවිධාන කර නොතිබුණි. රටවල් කිහිපයක, දැඩි සංචරණ සීමාවන්ට යටත්ව මැයි දින සැමරුම් සංවිධාන කර තිබිණ.

    1886 මැයි පළමුවැනි දා පැය 8ක වැඩමුරයක් ඉල්ලා ප්‍රථම කම්කරු උද්ඝෝෂණය පැවැත්වුණේ, අමෙරිකාවේ චිකාගෝ නගරයේදී. කම්කරුවන් විසිරුවා හැරීමට චිකාගෝ පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ,මැයි 3 වැනිදායි.

    එහිදී කම්කරුවන් 6 දෙනෙක් මියගිය අතර 50 දෙනෙක්ට අධික පිරිසක් තුවාල ලැබීය. ප්‍රහාරයට විරෝධය පළකරමින් 1886 මැයි 4 වැනිදා පැවති ලෝක කම්කරු පෙළපාලිය අවසන් වුණේ, චිකාගෝ නගරයම රුධිරයෙන් තෙත් කරමින්.

    එදා කම්කරු අරගලයේ දී දිවිපිදූ පිරිස සිහිපත් කරමින් ලොව පුරා වැඩකරන ජනතාව 1890 වසරේ සිට මැයි දිනය සමරයි.

    1933 දී මෙරට පළමු කම්කරු දිනය සමරනු ලැබුවේ,කම්කරු නායක ඒ ඊ ගුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන් 1956 දී මැයි දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේය.

    Last modified on සෙනසුරාදා, 01 මැයි 2021 11:14

    Latest News