ග්‍රාමීය වැව් අවට රක්ෂිත ප්‍රදේශය මැනීමට මිනින්දොරුවන් 72 ක්

අප්‍රේ 26, 2021

    ග්‍රාමීය වැව් අවට රක්ෂිත ප්‍රදේශය යළි මැනීම සඳහා මිනින්දොරුවන් 72 ගෙන් සමන්විත නව ඒකකයක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා දඹුල්ල ප්‍රදේශීයේ ග්‍රාමීය වැව් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

    මීට හේතු වී ඇත්තේ ඇතැම් වැව්වල රක්ෂිත නීත්‍යානුකූල නොවූ ආකාරයෙන් අත්පත් කර ගැනීම වැලැක්වීමයි.

    එහි දී ඔහු කියා සිටියේ ග්‍රාමීය වැව් 836ක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවයි. මෙරට වැව් සංරක්ෂණයට වෙන් කෙරුණු මුදල රුපියල් බිලියන හතරක්. වැව් ප්‍රතිසංස්කරණයත් සමග දේශීය සංචාරක කර්මාන්තය නැංවීමට වැඩපිළිවෙළක්ද ආරම්භ කරනු ඇති.

    Latest News