ශ්‍රී ලංකා-බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි...

අප්‍රේ 25, 2021

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

    පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගය පැවැත්විණ. අද අවසන් දිනට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 512ක්. දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු 166ක් ලබා සිටි ධනංජය ද සිල්වා දැවී ගියේය.

    දිමුත් කරුණාරත්න ලකුණු 244යි. වනිඳු හසරංග ලකුණු 43ක් ලබාගත් අතර, නිරෝෂන් දික්වැල්ල ලකුණු 31යි. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 648ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. පන්දු යැවීමේදී ටස්කින් අහමඩ් කඩුලු 3ක් බිඳ හෙළීය.

    බංග්ලාදේශ දෙවැනි ඉනිම ආරම්භ කළේ තමිල් ඉක්බාල් සහ සයිෆ් හසන්. තරගය නිමාවන විට බංග්ලාදේශය තම දෙවන ඉනිමට කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 100ක්. තරගයේ වීරයා නායක දිමුත් කරුණාරත්න.

    ශ්‍රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 29 වැනිදා පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

    Latest News