“ගම සමඟ පිළිසඳර“; හල්දුම්මුල්ල-වෙලන්විට ගම්මානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අවසන්....

අප්‍රේ 25, 2021

    “ගම සමඟ පිළිසඳර“ වැඩසටහනේ ආරම්භක පියවර තැබූ බදුල්ල, හල්දුම්මුල්ල-වෙලන්විට ගම්මානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අවසන් වී ඇතැයි, ප්‍රදේශවාසීන් පවසයි.

    මෙවැනි අති දුෂ්කර ගම්මානයක් සංවර්ධන කෙරුණේ, ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ. බදුල්ල හල්දුම්මුල්ල ගම්මානයේ ජනතාව කලක සිට අත්විඳි ආර්ථික හා සාමාජිය ගැටලු රැසකට විසඳුම් ලැබී තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින එම ගම්මානයේ නොවිසඳුණු ගැටලු රැසකට විසඳුම් ලබාදීමට මැදිහත් විය. ඒ අනුව පාසල්, විදුලිය, ගමනාගමනය, පානීය ජල ගැටලුවට ද විසඳුම් ලැබී තිබේ. වන අලි උවදුරට විසඳුම් ලෙස අලි වැටක් ද ඉදිකර තිබේ.

    කඩිනමින් මෙම ගැටලු විසඳීම හැකිවුණේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත බව ජනතාව පවසයි.

    Latest News