කොරෝනා පාලනයට දැඩි නීති ගෙන ආ යුතුයි; පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි

අප්‍රේ 24, 2021

    ජනතාව, සෞඛ්‍යාරක්‍ෂිතව ක්‍රියා නොකරන්නේ නම්, කොරෝනා පාලනයට දැඩි නීති ගෙන ආ යුතු බව, මල්වතු මහා පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසයි.

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍රා නිමල් වාකිෂ්ට මහතා ඇතුළු පිරිසක්, අද මල්වතු මහා විහාරයේ දී පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදුටුවේය. යාවත්කාලීන කෙරුණු බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව මෙහිදී අනුනාහිමියන්ට පිළිගන්වනු ලැබීය.

    Latest News