රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතුයි; අගමැති

අප්‍රේ 23, 2021

    රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දින පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවසීය.

    ප්‍රගති බැංකු සේවක සංගමයේ නිලධාරීන් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරතවෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පෙන්වා දුන්නේය. කාලීන අභියෝග හමුවේ රාජයේ බැංකු ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වාගෙන යාම සහ සේවකයන්ගේ ගැටලුවලට විසඳුම් සොයා ගැනීමට අදාළව මෙම හමුව පැවැත්විණි.

    1996 වර්ෂයේ සිට නවතා දමා තිබූ මහජන බැංකුවේ, ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ නිලධාරී විශ්‍රාම වැටුප 2014 වර්ෂයේ දී ජනාධිපතිතුමන් ලෙස නැවත ලබා දීම සම්බන්ධව ප්‍රගති බැංකු සේවක සංගමයේ සාමාජිකයෝ මෙහිදී අගමැතිතුමාට ප්‍රණාමය පුද කළහ.

    විශ්‍රාම වැටුප්වල තවදුරටත් පවතින ගැටලු නිරාකරණය කරදීම පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ අවධානය මෙහි දී යොමු විය. මුදල් අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය බැංකුවල දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව අගමැතිතුමා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ජයන්ත රත්නායක, ප්‍රගති බැංකු සංගමයේ සභාපති නිශාන්ත සමරසිංහ, ප්‍රධාන ලේකම් ඒ.කේ බණ්ඩාර මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

    Latest News