'එන්නත් කරනයේ දී ආසාත්මිකතාවයක් ඇතිවුවහොත් ප්‍රතිකාර සඳහා විශේෂ ඒකකයක්'

අප්‍රේ 22, 2021

    කොවිඩ් - 19 එන්නත් ලබාදීමේ දී කිසියම් ආසාත්මිකතාවයක් හටගත හොත් එම පිරිස් සඳහා ප්‍රතිකාර ලබා දීමට විශේෂ ඒකකයක් මේ වන විට ස්ථාපිතව පවතින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසයි.

    ඒ සඳහාම පුහුණුව ලැබූ හෙද හා වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සිටින බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

     

    ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා...

    "දෙවන මාත්‍රාව ලබා ගත ගත් විට ඔබට කිසියම් ආසාත්මිකතාවයක් හටගත හොත් ළඟම රෝහලට ඇතුල් වන්න. අවශ්‍ය උවහොත් ජාතික රෝහලට ඔවුන්ව මාරු කර එවනවා. මේ නිසා ක්ෂණිකව ප්‍රතිකාර කිරීමේ හැකියාව තිබෙනවා. කෝවිඩි රෝගය වේගයෙන් ව්‍යාප්ත වන කාලයේ පවා ජාතික රෝහල කාර්ය මණ්ඩලය ඊට සූදානම් කර තැබුවා. pc r පරීක්ෂක සදහා වන උපකරණ අවශ්‍ය ප්‍රමාණයට ජාතික රෝහල සතුව තිබෙනවා.

    එන්නත් කරනයේ දී ප්‍රමුඛත්වය දෙමින් පළමු මාත්‍රාව දෙනු ලැබුවේ සෞඛ්‍ය අංශ වලටයි. දෙවන මාත්‍රාව ද නුදුරු දිනයේ දී සෞඛ්‍ය අංශ වලට ලබාදෙන නිසා ඉතා ආරක්ෂාකාරී තත්ත්වයක සෞඛ්‍ය අංශ වල නිලධාරීන් පසුවෙනවා.

    එන්නත් කරණයේ දී ඇතිවන ආසාත්මිකතා වලින් පිරිස මුදවා ගැනීම සඳහා හා කොවිඩ් රෝගී තත්ත්වයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුව ලබාදී තිබෙනවා."

    Last modified on බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 12:49

    Latest News