අගමැති නිදහස් දින සුබ පැතුම්

පෙබ 04, 2019

     දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස් අත් දකින පුරවැසියන් ලෙස, දිවි ගෙවීමට, ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව ක්‍රියා කිරීමට, සියලුදෙනාට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    නිදහස වඩාත් අර්ථවත්වීමට නම්, යම් දේශයක, ජන සමාජයක, මනුෂ්‍යා මෙන්ම සමස්ථ පරිසරය, ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම, අධ්‍යත්මික, සංහිඳිම අත් කරගත යුතුයි. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනාගත හැක්කක් නෙවේ. ඒ සඳහා ක්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යවශ්‍ය බවයි, අග්‍රාමාත්‍යතුමා සිය නිදහස් දින පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ.

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 09:52

    Latest News