අග්‍රාමාත්‍යතුමා නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි

අප්‍රේ 17, 2021

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අගමැති නිල නිවසේ දී අද (17) දින පෙරවරුවේ ඉටු කළේය.

    පූර්වභාග 7.16ට දකුණු දිශාව බලා හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍රයයි. 

    පළමුව බුද්ධ මන්දිරයට ගොස් මල් පහන් පූජා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක් විය.

    ඓතිහාසික මාදන්වල රජමහා විහාරාධිපති විශ්වීය බෞද්ධ හික්ෂු සම්මේලනයේ භාණ්ඩාගාරික රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති වැල්ලගිරිය සුමංගල නාහිමියෝ අග්‍රාමාත්‍යතුමාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද එක් කළහ.

    සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කිරිඔරුවේ ධීරානන්ද නාහිමියෝ ද මෙහි වැඩම කළහ.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා සහ පවුලේ සමාජිකයෝ පිරිසක් එක්වූහ.

    Latest News