රු.5000 දීමනාව ලබාදීමේ දිවයින පුරා අඛණ්ඩව

අප්‍රේ 17, 2021

    සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5,000 සේ දීමනාව ලබා දීම දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වෙයි. වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

    වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්වයි.

    කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක එම දීමනාව නිවසටම ගොස් ලබා දීම සිදු කෙරේ.

    ඒ අදාළ ප්‍රදේශවල සමෘද්ධි නිලධාරීන් විසින්.

    රුපියල් 5000 දීමනාව ලබා දීම නීලම්මහර පුරාණ විහාරස්ථානයේ දී ඊයේ සිදු කෙරිණ. සමෘද්ධි ප්‍රතිලාභීන්ට සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටින පිරිස අබාධිත සහ වැඩිහිටියන් සඳහා එම දීමනාව පිරිනැමුණා.

    පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් 5000 දීමනාව ලබාදීම අවසන් අදියරේ පවතියි.

    ග්‍රාමසේවා වසම් 72ක පවුල් 12,196කට රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් ලබා දී ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News