මහනුවර නාය අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කළා; ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අප්‍රේ 16, 2021

    මහනුවර නාය අවදානම් දිස්ත්‍රික්කයක් ලෙස නම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අධික වැසි බලෑමෙන් වැඩිම හානි සිදුව ඇත්තේ, මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරලය, මැදදුම්බර, පාතහේවාහැට, හාරිස්පත්තුව, පාතදුම්බර සහ තුම්පනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිත ස්ථානවලටයි. හන්තාන තපෝදාරාම විහාරස්ථානයේ බණ මඩුව ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ද දැඩි අලාභහානි සිදුව තිබේ.

    මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි, විපතට පත්වූවන්ට සහන සැලසීම ක්‍රියාත්මකයි. හන්තාන ප්‍රදේශයේ හානියට පත් නිවාස පිළිසකර කෙරෙන්නේ, මහනුවර මහ නගර සභාව සහ යුද හමුදාවේ දායකත්වයෙන්.

    නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ හෝ මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News