උත්සව සමයේ දුම්රිය ගමන් වාර 21ක්

අප්‍රේ 09, 2021

    උත්සව සමයේ දුම්රිය ගමන් වාර 21ක් වැඩි කර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

    සෞඛ්‍යාරක්‍ෂිත නීතිරීතිවලට අනුකූලව දුම්රියේ ගමන් කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. අද සිට ලබන 12 දක්වා සහ අප්‍රේල් 17,18 යන දිනවල කොළඹ කොටුව සිට බදුල්ල දක්වා මෙන්ම, බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ක්‍රියාත්මකයි.

    ගල්කිස්ස සිට යාපනය දක්වා යොදවනු ලැබ ඇති දුම්රිය හෙට සිට දින දෙකක් ධාවනය කෙරේ. තවත් දුම්රියක් යාපනය සිට කොළඹ කොටුව දක්වා හෙට සහ ලබන 18 යන දිනවල ක්‍රියාත්මකයි. දකුණු කළුතර සිට වේයන්ගොඩ දක්වා දිනකට ගමන්වාර 07 බැගින් වන දුම්රියක් ද යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News