"නැකතට පැලයක්" පැල බෙදාදීම රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී

අප්‍රේ 09, 2021

    "හුස්ම දෙනතුරු" රුක් රෝපණ වැඩසටහනේ "නැකතට පැලයක්" වැඩසටහන යටතේ පැල බෙදාදීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී අද පැවැත්විණ.

    සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව රුක් රෝපණ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 16 උදේ 6.40ට. වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, පරිසර අමාත්‍යාංශය විසින්. මීට අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි.

    ජාතික රූපවාහිනියේ සේවකයින්ට සංකේතාත්මකව පැල බෙදාදීම අද සිදු කෙරුණේ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරු, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු කාර්ය මණ්ඩලය මීට එක්වූහ.

    Latest News