වසන්ත සමයේ මල්වගාකරුවන්ට වැඩි ඉල්ලුමක්

අප්‍රේ 04, 2021

    වසන්ත සමය උදාවීමත් සමඟ තම නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ලැබී ඇතැයි, වැලිමඩ මල්වගාකරුවන් පවසයි.

    මල් සහ මල් පැල වැඩි වශයෙන් අලෙවි වන්නේ අප්‍රේල්, මැයි මාසවලදී. වැලිමඩ සානුවේ, කැප්පෙටිපොළ, ගවරම්මාන, එරබද්ද, පුරන්වෙල යනාදි ප්‍රදේශවල සැලකිය යුතු පිරිසක් ස්වයං රැකියාවක් ලෙස මල්වගාව හා ඒ ආශ්‍රිත නිෂ්පාදනවල නියැලේ.

    එහෙත් පසුගිය දෙවසරක කාලයේ රටේ ඇති වූ තත්වය හේතුවෙන් එම නිෂ්පාදනවලට පැවති ඉල්ලුම හීන විය. සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් තම නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරන බව මල් වගාකරුවන් පවසයි.

    Latest News