එළඹෙන උත්සව සමයේ දුම්රිය ගමන්වාර 21ක්.....

අප්‍රේ 04, 2021

    එළඹෙන උත්සව සමයේ ජනතාවගේ පහසුව සඳහා දුම්රිය ගමන්වාර 21ක් වැඩිකර ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

    සෞඛ්‍යාරක්‍ෂිත නීතිරීතිවලට අනුකූලව දුම්රියේ ගමන් කරන ලෙස, ඔහු මගීන්ගෙන් ඉල්ලා සිටී. මෙම මස 9, 10, 11, 12 සහ 17,18 යන දිනවලදී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා සහ බදුල්ල සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් යොදවා තිබේ.

    ගල්කිස්ස සිට යාපනය දක්වා දුම්රියක් ධාවනය කෙරෙන්නේ, 9,10 සහ 11 යන දිනවලදී. තවත් දුම්රියක් යාපනය සිට කොළඹ කොටුව දක්වා 10 සහ 18 යන දිනවල ධාවනය කෙරේ. දකුණු කලුතර සිට වේයන්ගොඩ දක්වා දිනකට ගමන්වාර 07 බැගින් වන දුම්රියක් ද යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    උත්සව සමයේ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    Latest News